Tuesday, July 15, 2014

Pool Garden Ideas




















CONTEMPORARY POOL GARDEN
Location: Madrid, Spain.
Designer: Monique Briones of La Paisajista-Jardines con Alma based in Madrid & Barcelona.
Website: http://www.lapaisajista.com/index.php



Sunday, April 6, 2014

පලා වර්ග

1) ගොටු ‍කොළ(සම්බල්,වැංජන්,මැල්ලුම්,තෙම්පරාදු,තෙම්පරාදුබත්)
2) මුගුණුවැන්න
3) කංකුං
4) තණ පලා
5) ගිරා පලා
6) ලුණුවිල (වැංජනය)
7) කොහිල
8) කෙකටිය
9) ඕලු දඩු
10) දිය මෙනේරිය
11) අලකොළ
12) දිය හබරල
13) එරබදු
14) කිරි මදුවැල්
15) කඩුපහර
16) මොණර කුඩුම්බිය
17) කෙන්(පිපිඤ්ඤා වැනි රතු ‍ගෙඩි/මල සුදුයි)
18) තෝර
19) ජපන් බටු
20) පැෂන් ෆෘට්
21) කෝප්ප ‍කොළ
22) වැල් ‍කොහිල
23) වට්ටක්කා
24) නිවිති
25) සාරණ
මඤ්‍‍ඤොක්කා
26) කතුරු මුරුංගා
27) මුරුංගා
28) දඹල
29) මෑ කරල්
30) තෙබු
31) කර ‍කොළ
32) ගෙද
33) කුප්ප‍මේනිය
34) බටු දළු
35) ගැට තුඹ දළු
36) ලේට්ට ‍කොච්චි
37) කොස් දළු
38) අලි පේර දළු
39) කට‍රොඩු දළු
40) අගුණ ‍කොළ
41) රණවරා දළු
42) ඇහැළ දළු
43) රාබු ‍කොළ
44) නෝ‍කෝල් ‍කොළ
45) ගෝවා ‍කොළ‍
46) කැරට් ‍කොළ
47) බීට් කොළ
48) ගෝවා
49) ලීක්ස්
50) රතුළුනු කොළ/සුදුළුනු කොළ
51) මිරිස් ‍කොළ
52) පෙති ‍තෝර
53) කිරි හැන්ද
54) වාතබංග කොළ
55) පොතු පලා
56) කෝවක්කා දළු
57) කිරි හැන්ද දළු
58) කටු පිල
59) බෝවිටියා
60) හීන් ‍බෝවිටියා
61) මැල්ල කොළ
62) කැ‍බෙල්ල දළු
63) පැනි ‍තෝර
64) තුඹ
65) කරපින්චා(දළු වැංජනය)
66) පිටවක්කා
67) අඹරැල්ලා දළු
68) වැල් ‍පෙ‍නෙල
69) මදටිය
70) දිය මෙ‍නේරිය
71) කුරිඤ්ඤං ‍කොළ
72) පොල්පලා
73) හාතවාරිය
74) දිවුල් ‍කොළ (කැද)
75) වැල් තිබ්බටු ‍කොළ
76) ඉරමුසු
77) නීරමුල්ලිය
78) එළ බටු
79) උදුපියිලිය
80) සැවැන්දරා
81) රන් කරල් හැබෝ
82) යකිනාරං ‍කොළ
83) වල් ‍කොත්තමල්ලි
84) ඇඹුල් ඇඹිලිය
85) වලා වැන්න
86) මස්වැන්න
87) ලුණු විල
88) ගැට තුඹ
89) කරිවිල
90) බතල ‍කොළ
91) අගුන
92) කුරිඤ්ඤං
93) සියඹලා දළු
94) අස‍මෝදගං
95) අක්කපාන
96) වෙල්මුඩ(මුඩ මහන)
97) අබ ‍කොළ
98) කෝමාරිකා
99) ගොනිකා කොළ
100) කූර තම්පලා
101) රතු තම්පලා
102) මඩු කොකු
103) මියන දළු
104) කෑර කොකු
105) අනෝදා කොළ(වැංජනය)
106) වදමල් කොළ (ගැඹුරු තෙලේ බදියි)
107) ඇත්තෝර කොළ(මැල්ලුම)
108) ඔළිද දලු( කැද)
109) හදුන් කොළ මැල්ලුම
110) වලගසාල් දළු මැල්ලුම
111) උදුපියලිය දළු මැල්ලුම
112) වැලිවැන්න දළු මැල්ලුම
113) තෙලටිය දළු මැල්ලුම
114) රණවරා දළු මැල්ලුම
115) දුම්මැල්ල දළු මැල්ලුම
116) පෝටා /වහු පෝටා දළු මැල්ලුම
117) හීරැස්ස දළු මැල්ලුම
118) අරලොක්කා/ හුලකීරිය දළු මැල්ලුම
119) වහතැල්ල දළු මැල්ලුම
120) දිය බෙරලිය දළු මැල්ලුම
121) කුඹුක් දළු මැල්ලුම
122) සියඹලා දළු මැල්ලුම
123) දිය ලබු දළු මැල්ලුම
124) කීකිරිදිය දළු මැල්ලුම
125) ගැට තුඹ දළු මැල්ලුම
126) කිඩාරම් දළු
127 ) බතල දළු (කිරි වියලෙන්න මද වේලාවක් පවනේ මැලවන තුරු තබා ,තෙම්පරාදුකර හෝ මැල්ලුම්)

Saturday, April 5, 2014

වල් පැල - තෘණ වර්ගයේ වල් පැලෑටි.

1.අශ්ව වලිග (Red sprangletop)
විද්‍යාත්මක නම  : Leptochloa chinensis කුලය  : Gramineae
ලක්‍ෂණ -විසාඩෛනවඉයටයමෙය වාර්ෂික පඳුරු සහිත තෘණ ශාකයකි. සෙ.මී. 30-100 උසට ශක්තිමත් පඳුරක් ලෙස වැඩෙන ජලජ හෝ අර්ධ ජලජ ශාකයකි . ශාකනය වන පාදයෙන් සිහින් දිග කඳන් හට ගනී. මෙහි මි.මී. 0.8 ක් පමණ දිග ඉලිප්සාකාර හැඩයෙන් යුතු ධාන්‍යයකි. මේවා බීජ මඟින් ප්‍රචාරණය වේ. මෙම වල් පැළෑටිය තෙත් කලාපයේ කුඹුරුවල බහුලව දැකිය හැක. 

2.ඇටවරා / ඇටෝරා (Torpedo grass)
File:Starr 050902-4373 Panicum repens.jpg
විද්‍යාත්මක නම  : ( Panicum repens linn කුලය  : Gramineae
ලක්‍ෂණ - මෙය බහු වාර්ෂික තෘණ ශාකයකි. මෙහි පත්‍ර තලය සුළු වශයෙන් කෙඳි ඇති අතර පාදස්ථයේ සිනිඳු ශල්ක පත්‍ර ඇත. භූගත කඳන් ලෙස පවතින රයිසෝම මඟින් මේවා ප්‍රචාරණය වේ. මෙම වල් පැළෑටි ජල හිඟ කුඹුරුවල බහුලව දැකිය හැක.

3.බැල තණ (Goose grass)
විද්‍යාත්මක නම  : Eleusine indica කුලය  : Gramineae
ලක්‍ෂණ -සෙ.මී. 30-60 දක්වා උසට වැඩෙන පඳුරු සහිත පාදස්ථයෙන් අධික ලෙස ශාකනය වන්නා වූ වාර්ෂික තෘණ ශාකයක් ලෙස මෙය හැඳින්විය හැක . මේවා බීජ මඟින් ප්‍රචාරණය වේ . 



















4.බටදැල්ල
මූලාශ්‍රය : ක්‍ෂේත්‍ර සමීක්‍ෂණයේදී ඡායා රූපගත කරන ලදී . (2008)
විද්‍යාත්මක නම  : Isachne globosa okuntze කුලය  : Gramineae
ලක්‍ෂණ -මෙය බහු වාර්ෂික තෘණ ශාකයකි. මෙයට බිම දිගේ පැතිර වැඩෙන ධාවක කඳක් සහිතය. මේවා බීජ සහ ධාවක කොටස් මඟින් ප්‍රචාරණය වේ. ජලය හොඳින් බැස නොයන අධික මඩ සහිත කුඹුරුවල මේවා දැකිය හැක.



5.මාරුක් / බජිරි (Water grass)
මූලාශ්‍රය : ක්‍ෂේත්‍ර සමීක්‍ෂණයේදී ඡායා රූපගත කරන ලදී . (2008)
විද්‍යාත්මක නම  : Echinochloa glabrescens munro කුලය  : Gramineae 
ලක්‍ෂණ -මෙය වාර්ෂික තෘණ ශාකයකි. සෙ.මී. 50-100 අතර උසට ඍජු සවිවර පඳුරක් ලෙස වැඩේ. මේවා කුඹුරුවල පඳුරක් ලෙසින් වැඩේ. මෙය බීජ මඟින් ප්‍රචාරණය වේ. මේවා මඩ සහිත කුඹුරුවල බහුල

6.ගොජරවාලූ / ගොම තණ / කුඩු කේඩු (Wrinkle duck beak)
විද්‍යාත්මක නම  : Ischaemum rugosum saisb කුලය  : Gramineae
ලක්‍ෂණ -මෙහි කඳ කොළ පැහැයක් ගන්නා අතර ගැටවල රෝම පිහිටයි. මේවා බීජ මඟින් ප්‍රචාරණය වේ. මෙය ජලය අඩු වීමත් සමඟ කුඹුරුවල බහුලව දක්නට ලැඛෙන වල් පැළෑටියකි.














7.හීන් මාරුක් (Jungle rice / Bird rice)
විද්‍යාත්මක නම : ( Echinochloa colonum කුලය : Gramineae
ලක්‍ෂණ -මෙය වාර්ෂික තෘණ ශාකයකි. පැතලි වී ගිය කඳේ පාදය කොටස දම් පැහැයක් ගනී. මෙහි පත්‍ර තලය සිහින්ය. මෙය ලාබාල අවධියේ දි ගොයම් පැළයට සමානය. මෙනිසා හඳුනා ගැනීමට අපහසුය. මෙම වල් පැළෑටිය බීජ මඟින් ප්‍රචාරණය වේ. මේවා ජලය හොඳින් බැස යන කුඹුරුවල දක්නට ලැබේ. 






(විකිපීඩියා ඇසුරෙනි)