Saturday, April 5, 2014

වල් පැල - තෘණ වර්ගයේ වල් පැලෑටි.

1.අශ්ව වලිග (Red sprangletop)
විද්‍යාත්මක නම  : Leptochloa chinensis කුලය  : Gramineae
ලක්‍ෂණ -විසාඩෛනවඉයටයමෙය වාර්ෂික පඳුරු සහිත තෘණ ශාකයකි. සෙ.මී. 30-100 උසට ශක්තිමත් පඳුරක් ලෙස වැඩෙන ජලජ හෝ අර්ධ ජලජ ශාකයකි . ශාකනය වන පාදයෙන් සිහින් දිග කඳන් හට ගනී. මෙහි මි.මී. 0.8 ක් පමණ දිග ඉලිප්සාකාර හැඩයෙන් යුතු ධාන්‍යයකි. මේවා බීජ මඟින් ප්‍රචාරණය වේ. මෙම වල් පැළෑටිය තෙත් කලාපයේ කුඹුරුවල බහුලව දැකිය හැක. 

2.ඇටවරා / ඇටෝරා (Torpedo grass)
File:Starr 050902-4373 Panicum repens.jpg
විද්‍යාත්මක නම  : ( Panicum repens linn කුලය  : Gramineae
ලක්‍ෂණ - මෙය බහු වාර්ෂික තෘණ ශාකයකි. මෙහි පත්‍ර තලය සුළු වශයෙන් කෙඳි ඇති අතර පාදස්ථයේ සිනිඳු ශල්ක පත්‍ර ඇත. භූගත කඳන් ලෙස පවතින රයිසෝම මඟින් මේවා ප්‍රචාරණය වේ. මෙම වල් පැළෑටි ජල හිඟ කුඹුරුවල බහුලව දැකිය හැක.

3.බැල තණ (Goose grass)
විද්‍යාත්මක නම  : Eleusine indica කුලය  : Gramineae
ලක්‍ෂණ -සෙ.මී. 30-60 දක්වා උසට වැඩෙන පඳුරු සහිත පාදස්ථයෙන් අධික ලෙස ශාකනය වන්නා වූ වාර්ෂික තෘණ ශාකයක් ලෙස මෙය හැඳින්විය හැක . මේවා බීජ මඟින් ප්‍රචාරණය වේ . 



















4.බටදැල්ල
මූලාශ්‍රය : ක්‍ෂේත්‍ර සමීක්‍ෂණයේදී ඡායා රූපගත කරන ලදී . (2008)
විද්‍යාත්මක නම  : Isachne globosa okuntze කුලය  : Gramineae
ලක්‍ෂණ -මෙය බහු වාර්ෂික තෘණ ශාකයකි. මෙයට බිම දිගේ පැතිර වැඩෙන ධාවක කඳක් සහිතය. මේවා බීජ සහ ධාවක කොටස් මඟින් ප්‍රචාරණය වේ. ජලය හොඳින් බැස නොයන අධික මඩ සහිත කුඹුරුවල මේවා දැකිය හැක.



5.මාරුක් / බජිරි (Water grass)
මූලාශ්‍රය : ක්‍ෂේත්‍ර සමීක්‍ෂණයේදී ඡායා රූපගත කරන ලදී . (2008)
විද්‍යාත්මක නම  : Echinochloa glabrescens munro කුලය  : Gramineae 
ලක්‍ෂණ -මෙය වාර්ෂික තෘණ ශාකයකි. සෙ.මී. 50-100 අතර උසට ඍජු සවිවර පඳුරක් ලෙස වැඩේ. මේවා කුඹුරුවල පඳුරක් ලෙසින් වැඩේ. මෙය බීජ මඟින් ප්‍රචාරණය වේ. මේවා මඩ සහිත කුඹුරුවල බහුල

6.ගොජරවාලූ / ගොම තණ / කුඩු කේඩු (Wrinkle duck beak)
විද්‍යාත්මක නම  : Ischaemum rugosum saisb කුලය  : Gramineae
ලක්‍ෂණ -මෙහි කඳ කොළ පැහැයක් ගන්නා අතර ගැටවල රෝම පිහිටයි. මේවා බීජ මඟින් ප්‍රචාරණය වේ. මෙය ජලය අඩු වීමත් සමඟ කුඹුරුවල බහුලව දක්නට ලැඛෙන වල් පැළෑටියකි.














7.හීන් මාරුක් (Jungle rice / Bird rice)
විද්‍යාත්මක නම : ( Echinochloa colonum කුලය : Gramineae
ලක්‍ෂණ -මෙය වාර්ෂික තෘණ ශාකයකි. පැතලි වී ගිය කඳේ පාදය කොටස දම් පැහැයක් ගනී. මෙහි පත්‍ර තලය සිහින්ය. මෙය ලාබාල අවධියේ දි ගොයම් පැළයට සමානය. මෙනිසා හඳුනා ගැනීමට අපහසුය. මෙම වල් පැළෑටිය බීජ මඟින් ප්‍රචාරණය වේ. මේවා ජලය හොඳින් බැස යන කුඹුරුවල දක්නට ලැබේ. 






(විකිපීඩියා ඇසුරෙනි)

10 comments:

  1. කරුණාකර Cynodon dactylon ගැන විස්තරයක් දෙන්න.

    ReplyDelete
  2. thank you so much....

    ReplyDelete
  3. කුවේනි තන ගැන විස්තර නද්ද

    ReplyDelete
  4. වෙල්හිරියා ගැන විස්තර යක් ඕනි

    ReplyDelete
  5. ඌ රු වී

    ReplyDelete
  6. Pupula විස්තර

    ReplyDelete